ඉන්ධන බෙදන්න තවත් සමාගමක්..
Friday, 23 August 2024 - 10:57 | Views - 646
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතයි.
මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගම වන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමයි.
මේ වනවිට ඉන්දියාවේ, අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ අමෙරිකාවේ ෂෙල් සමාගම්වලට මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව තිබෙනවා.
Share This Article