බෙල්ලන්විල පෙරහැර හේතුවෙන්, අද සහ හෙට විශේෂ රථවාහන සැලැස්මක්..
Friday, 23 August 2024 - 9:43 | Views - 324

බෙල්ලන්විල ඇසළ මහ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද (23) සහ හෙට (24) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ අනුව, අද රාත්‍රි අටේ සිට හෙට අලුයම එක දක්වා බොරලැස්ගමුව - බෙල්ලන්තොට මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවටයි සඳහන් වන්නේ.

තවද, සියලුම බර වාහන පැපිලියාන දෙසට ගමන් කර, අත්තිඩිය මාර්ගය හරහා බෙල්ලන්තොට හන්දියට පිවිස ගමන් කිරීම හෝ පිළියන්දල නගරයෙන් කටුබැද්ද දෙසට හරවා ගාලු පාර දෙසට පිවිසිය හැකියි.

මහරගම - පිළියන්දල දෙසින් දෙහිවල දෙසට ගමන් ගන්නා සියලු සැහැල්ලු වාහන පැපිලියාන දෙසට ගමන් කර පැපිලියාන මංසන්ධියෙන් වමට හැරී අත්තිඩිය මාර්ගය ඔස්සේ බෙල්ලන්තොට හන්දියට පැමිණ දෙහිවල හෝ ගල්කිස්ස දෙසට ගමන් කිරීම හෝ අබේරත්න මාවත හරහා පිටවේල්ල මාර්ගයෙන් අත්තිඩිය මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් ,හෙට රාත්‍රී අටේ සිට අනිද්දා අලුයම 3 දක්වා බොරලැස්ගමුව - නැදිමාල හන්දිය මාර්ගය, රත්මලාන, බෙල්ලන්තොට අත්තිඩිය මාර්ගය හා පැපිලියාන මංසන්ධියේ සිට දෙහිවල මාර්ගය භාවිත කරන ජනතාව විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top