අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්රවේශපත් වෙන්කරවා ගැනීමට අවස්ථාව..
Friday, 23 August 2024 - 9:18 | Views - 457
නව ඩිජිටල් දුම්රිය ප්රවේශ පත්රයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙම නව ටිකට්පත දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා ඊට අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර, එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදාල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව ද පවතිනු ඇති බවටයි සඳහන් වන්නේ.
Share This Article