සේවයේ නොමැති සේවකයෙකුට, පඩි ගෙවු වතු ලිපිකරුවා අත්අඩංගුවට..
Thursday, 22 August 2024 - 15:36 | Views - 201
කළුතර නෑබඩ ප්රදේශයේ ප්රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවූ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලීසිය පවසනවා.
අදාළ වතුයායේ කාර්ය මණ්ඩලය සඳහා 2024 වර්ෂයේ ජුලි මාසයේදී වැටුප් ගෙවීමේදී වැඩිපුර මුදලක් වැය වී තිබීම පිළිබඳව අදාළ වතු සමාගමේ ගිණුම් අංශය මගින් කරන ලද පරීක්ෂණයකදී මෙලෙස සේවයේ යෙදී නොසිටින අයෙකුගේ නමට 2023 වර්ෂයේ නොවැම්බර් සිට 2024 ජුලි මාසය දක්වා වැටුප් ගෙවා ඇති බවට සඳහන කර ඈති බව අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, වතුයායේ කළමණාකරුවෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව , පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු උඩුගම ප්රදේශයේ පදිංචි අයෙකු බවද සඳහන් වනවා.
Share This Article