සේවයේ නොමැති සේවකයෙකුට, පඩි ගෙවු වතු ලිපිකරුවා අත්අඩංගුවට..
Thursday, 22 August 2024 - 15:36 | Views - 202

කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවූ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලීසිය පවසනවා.

අදාළ වතුයායේ කාර්ය මණ්ඩලය සඳහා 2024 වර්ෂයේ ජුලි මාසයේදී වැටුප් ගෙවීමේදී වැඩිපුර මුදලක් වැය වී තිබීම පිළිබඳව අදාළ වතු සමාගමේ ගිණුම් අංශය මගින් කරන ලද පරීක්ෂණයකදී මෙලෙස සේවයේ යෙදී නොසිටින අයෙකුගේ නමට 2023 වර්ෂයේ නොවැම්බර් සිට 2024 ජුලි මාසය දක්වා වැටුප් ගෙවා ඇති බවට සඳහන කර ඈති බව අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, වතුයායේ කළමණාකරුවෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව , පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු උඩුගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද සඳහන් වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top