නිල ඡන්ද පත්රිකා , 03දා සිට ඔබ අතට..
Thursday, 22 August 2024 - 11:30 | Views - 310
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවද සඳහන්.
තවද, රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ද වැඩිදුරටත් සඳහන් වන අතර,
එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසට ද ඉල්ලීමක් කර තිබෙනවා.
තවද, ඡන්ද පත්රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් පසුව ගෙයින් ගෙට ගොස් ඡන්ද පත්රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් සඳහන්.
Share This Article