අධිවේගයේ අනතුරින් තිදෙනෙකුට බරපතල තුවාල.. (Photos)
Thursday, 22 August 2024 - 10:52 | Views - 472
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේ දී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටේ ගැටී හැරවී ගොස් දකුණුපස ආරක්ෂිත වැටේ ගැටීමෙන් පසු පිටුපසින් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් මෝටර් රථයේ පැමිණි තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සඳහන්. එසේම, එම මෝටර් රථයේ ගමන් කර ඇත්තේ, හම්බන්තොට ,මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරිඳ සහ සහ දරු දෙදෙනා බවයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.



Share This Article