හිතාගන්න බැරි ලෙසින්, වෙනස් වුණු රත්තරන්..
Wednesday, 21 August 2024 - 12:14 | Views - 632
අද (21) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ, රුපියල් 755,033ක් ලෙසයි.
එය ඊයේ දිනයට (20) සාපේක්ෂව රුපියල් 6,612 ක වැඩිවීමක්.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 26,640ක් ලෙස ද, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,420ක් සහ රුපියල් 23,310ක් ලෙසද සටහන් වුණා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 213,100ක් ලෙස ද දැක්වුණා.
කැරට් 22 පවුමක් රුපියල් 195,400ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 186,500ක් ලෙසත් සඳහන්ව තිබුණා.
Share This Article