වන්දියට ලක්ෂයයි , දීමනාවත් තුන් ගුණයකින් වැඩිවෙයි..
Wednesday, 21 August 2024 - 12:01 | Views - 312

වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබා දෙන රුපියල් 10,000ක් වූ පොහොර සහනාධාරය ලබන වසරේ සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට රජයට යෝජනා ඉදිරිපත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයාමේ බව පැවසුවේ, පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
වගා කන්න පහක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සදහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව වී වගාවට අවශ්‍ය පොහොර කළට වේලාවට යෙදීම කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහා ගෙන ඇතත් පැවති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොමැති බවත් සඳහන් වුණා.
කෙසේ වෙතත්, පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණක් මුදලක් වැය වෙනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
එසේම, වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා..
ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවත් සඳහන්.
නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරෙනු ඇති.
Share This Article