වන්දියට ලක්ෂයයි , දීමනාවත් තුන් ගුණයකින් වැඩිවෙයි..
Wednesday, 21 August 2024 - 12:01 | Views - 313

වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබා දෙන රුපියල් 10,000ක් වූ පොහොර සහනාධාරය ලබන වසරේ සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට රජයට යෝජනා ඉදිරිපත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයාමේ බව පැවසුවේ, පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

වගා කන්න පහක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සදහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව වී වගාවට අවශ්‍ය පොහොර කළට වේලාවට යෙදීම කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහා ගෙන ඇතත් පැවති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොමැති බවත් සඳහන් වුණා.

කෙසේ වෙතත්, පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණක් මුදලක් වැය වෙනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

එසේම, වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා..

ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවත් සඳහන්.

නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරෙනු ඇති.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top