එයාලා ගැන බය හිතෙන අනාවරණයක් ?
Tuesday, 20 August 2024 - 16:02 | Views - 319
ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා...
මේ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කර තිබෙනවා...
කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් එයින් ළමා හතිය ඇතිවිමේ හැකියාව පවතිනවා.
තවද, ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරි යන අතර, එයින් දරුවන්ව ප්‍රවේශම් කර ගන්නා ලෙස ද ඔහු උපදෙස් ලබා දී තිබෙනවා...
මේ දිනවල කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් එම දරුවන්ව ගෙදර තියා ගන්නා ලෙසත් ඔවුන්ට මුඛ ආවරණ පළදන ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.
Share This Article