ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් මුල සිට
Tuesday, 20 August 2024 - 13:01 | Views - 197
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා, ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක පවසනවා.
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් පමණ දිගකින් යුක්ත බවයි.
එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
Share This Article