රට රැකියා සොයන ඔබට වැදගත් ? මෙවැනි වංචාවලට හසු වෙන්න එපා..
Tuesday, 20 August 2024 - 10:26 | Views - 348
දිසා විනිසුරුවරයෙකු සහ නිතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන බව පවසා මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසෙල්වත්ත සහ තවත් පොලිස් ස්ථාන කිහිපයකට ලද පැමිණිලි වලට අනුවයි මෙම සැකකරු ඊයේ(19) ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, ඔහු විසින් ජර්මනියේ රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කර තිබෙනවා.
සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර, ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද නිතීඥ හැදුනුම්පතක් ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article