දහස් ගණනක සාධු නාද මැද අස්ගිරි සෑරදුන්ගේ තැන්පත් කළ සර්වඥ ධාතූන් වහන්සේ.. (Video)
Tuesday, 20 August 2024 - 9:16 | Views - 463
අස්ගිරි මහා විහාර මහ පිරිවෙන් පුණ්‍ය භූමියේ ඉදිකර ඇති සෑරදුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ උතුම් පුණ්‍යෝත්සවය නිකිණි පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (19) දිනයේ සුවහසක් සැදැහැවතුන්ගේ සාධුකාර මැද පැවැත්වුණා.
ඒ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඓතිහාසික සෙංකඩගල රාජධානියට අයත් අස්ගිරි මහා විහාර මහ පිරිවෙන සැලකෙන්නේ මෙරට භික්ෂු අධ්‍යාපනයට වෙන් වූ ප්‍රමුඛතම මූලස්ථානය ලෙසයි.
ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් ඇප උපස්ථාන හා තේවා කටයුතු සිදුකිරීමේදී ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් අපරිමිත මෙහෙයක් ඉටු වනවා.
මේ අනුව, ඊයේ පෙරවරු 10.20ට යෙදෙනු සුබ මොහොතින් අස්ගිරි සෑ රදුන්ගේ ධාතු මන්දිරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට අප්‍රමාදීව සිය සැදැහැති දායකත්වය ලබා දෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
Share This Article