දහස් ගණනක සාධු නාද මැද අස්ගිරි සෑරදුන්ගේ තැන්පත් කළ සර්වඥ ධාතූන් වහන්සේ.. (Video)
Tuesday, 20 August 2024 - 9:16 | Views - 464

අස්ගිරි මහා විහාර මහ පිරිවෙන් පුණ්‍ය භූමියේ ඉදිකර ඇති සෑරදුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ උතුම් පුණ්‍යෝත්සවය නිකිණි පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (19) දිනයේ සුවහසක් සැදැහැවතුන්ගේ සාධුකාර මැද පැවැත්වුණා.

ඒ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඓතිහාසික සෙංකඩගල රාජධානියට අයත් අස්ගිරි මහා විහාර මහ පිරිවෙන සැලකෙන්නේ මෙරට භික්ෂු අධ්‍යාපනයට වෙන් වූ ප්‍රමුඛතම මූලස්ථානය ලෙසයි.

ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් ඇප උපස්ථාන හා තේවා කටයුතු සිදුකිරීමේදී ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් අපරිමිත මෙහෙයක් ඉටු වනවා.

මේ අනුව, ඊයේ පෙරවරු 10.20ට යෙදෙනු සුබ මොහොතින් අස්ගිරි සෑ රදුන්ගේ ධාතු මන්දිරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට අප්‍රමාදීව සිය සැදැහැති දායකත්වය ලබා දෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top