වඳුරු උණ මරණ 548 දක්වා ඉහළට..
Tuesday, 20 August 2024 - 8:51 | Views - 254

වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘එම් පොක්ස්’ වයිරසය, මේ වනවිට ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇති කිරීමට ද සමත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් ද නිකුත් කළා.

එසේම, අප්‍රිකා රටවලින් හමුවුණු වඳුරු උණ ආසාදිතයන් ගණන 15,664 ක් බව ද සඳහන්.

අප්‍රිකා රටවල ආසාදිතයන් බොහෝ දෙනකු රෝහල්වලට නොගොස් රෝගය සුව කර ගැනීමේ අරමුනින් පල්ලිවල යාඥා සඳහා සහභාගී වී ඇති අතර එය රෝග ව්‍යාප්තිය වේගවත් කිරීමට හේතුවක් වී ඇති බවද සඳහන්.

තවද, අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම් පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයක්.

මෙම ප්‍රභේදය බිහිසුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇති බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එම රටවල් අතරින් වඳුරු උණ ව්‍යාප්තිය දරුණුවට සිදුවන්නේ කොංගෝ ජනරජයේ බවද සඳහන්.

( ලංකාදීප )


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top