එක් කෙනෙක්ට මෙච්චරයි.. ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි.. (Video)
Tuesday, 20 August 2024 - 7:21 | Views - 537
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මැතිවණ කොමිසම විසින් තීරණය කරනු ලබන මුදලට වඩා වැඩි ප්රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්රියාවක් වන අතර, අදාළ මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි බවයි එම කොමිසම පසුගියදා සඳහන් කළේ.
Share This Article