ඉන්දියාවේ වෛද්‍ය සිසුවියකට හදිකළ සිදුවීමේ උණුසුම යන්නත් මත්තෙන් ඒ රටේ අය හොයපු දේ..
Saturday, 17 August 2024 - 12:58 | Views - 718
ඉන්දියාව කියන්නේ ස්ත්‍රී දූශන වැඩි වශයෙන් වාර්තා වෙන රටක්.මේ මීට දින කිහිපයකට පෙර වාර්ථා වුණ සිදුවීමක්.

2024 අගෝස්තු 9 වන දින, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කොල්කටා හි RG කාර් වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ පශ්චාත් උපාධි අභ්‍යාසලාභී (PGT) වෛද්‍යවරියක වන Moumita Debnath අතුරුදහන් බවට වාර්තා වූ තිබුණා.

කෙසේ නමුත් පෙ.ව. 11:30 ට පමණ, අභ්‍යාසලාභී වෛද්‍යවරියගේ සිරුර විද්‍යාලයේ එක් සම්මන්ත්‍රණ කාමරයක අඩ නිරුවතින් ඇගේ ඇස්, මුඛය සහ ලිංගික අවයවවලින් ලේ ගලමින් තිබියදී සොයා ගැනීමට සමත් ව තිබුණා.

පසුව ඇය මියගිය බව ප්‍රකාශ වුණේ ජන කැළඹිමක් සමගයි.

මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ගෙල සිරකර මරා දැමීමට පෙර වින්දිතයා ඇයව දූෂණය කර ලිංගික අතවර කර ඇති බවටයි.

පිටු හතරකින් යුත් වාර්තාවේ ඇගේ ලිංගික ප්‍රදේශය, තොල්, වම් පාදය, දකුණු අත, ඇඟිලි, බෙල්ල සහ මුහුණේ ගැඹුරු තුවාලයක් ද ඇති බවට සඳහන්ව තිබුණ බවට වාර්තා වෙනවා.

කෙසේ නමුත් එම වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ඇගේ දෙමාපියන් ප්‍රකාශ කර තිබුණේ මෙය සමූහ දූශනයක් විය හැකි බවටයි.

මේ හේතුවෙන් ඉන්දියාව පුරා වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්ද සිදු කෙරෙමින් පවතිනවා.

මෙම සිදුවීම සිදුකළ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් රිතික් රෝෂන්, කරීනා කපූර් ඛාන් සහ ආලියා භාත් වැනි බොලිවුඩ් නිලු නිලියන්ද සිය සමාජ ජාලා පිටු තුල සටහන් තබා තිබුණා.

මේ අතරම තවත් ඛේදවාචකයක් ලෙස සැලකෙන්නේ ඉන්දියානු ජනතාව පෝර්න් වෙබ් අඩවි තුල පසුගිය පැය 24 තුල සොයා ඇති නමද වන්නේ Moumita Debnath නමයි. 



Know more about Dr. Moumita Debnath with photos [A tribute to her] - BLOOM  LIGHT


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top