දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීම්..
Saturday, 17 August 2024 - 12:03 | Views - 466
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව, අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලටයි.
එසේම , කළු ගඟේ, කුඩා ගඟ සහ මගුරු ගඟ පිටාර තැන්නේ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල අවට ජනතාවට ගංවතුර තත්ත්වය ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශ අවට ජනතාව ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This Article