මත්ද්‍රව්‍ය භාවිතා කරලා අහුවෙලා , නිරෝෂන් දික්වැල්ලට තහනමක් ?
Friday, 16 August 2024 - 16:36 | Views - 343
නිරෝෂන් දික්වැල්ල ගැන ඇසෙන අමුතුම කතාවක් මේක..
ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා වරදකරු බවට පත්වී තිබෙනවා.
ඔහුට මේ වන විට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළුව) සිදු කළ නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පැනවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Share This Article