දුර්ලභ නිවුන් යෝධ පැන්ඩා උපතක්.. (Photos)
Friday, 16 August 2024 - 12:17 | Views - 410

හොංකොං හි 'ඕෂන් පාර්ක්' උද්‍යානයෙන්, දුර්ලභ යෝධ පැන්ඩා නිවුන් පැටවුන්ගේ උපතක් පසුගියදා (අගෝස්තු 15) වාර්තා වුණා.

හොංකොං හි පළමු යෝධ පැන්ඩා නිවුන් උපත මෙය බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එසේම, මෙලෙස Ying Ying නම් පැන්ඩා මවට සහ Le Le නම් පැන්ඩා පියාට දාව උපත ලබා ඇත්තේ, ගැහැණු සහ පිරිමි පැටවුන් දෙදෙනෙකු බවයි සඳහන්.

තවද, ගැහැණු පැටවාගේ බර ග්‍රෑම් 122 ක් වන අතර, පිරිමි පැටවාගේ බර ග්‍රෑම් 112 ක්.

එසේම,'Ying Ying' නම් පැන්ඩා මවගේ 19 වන උපන්දිනයට දිනකට පෙර පැටවුන් බිහි කිරීම ද සුවිශේෂී විය.

කෙසේ වෙතත්, වයස් ගණනය කිරීම්වලට අනුව, ඇය මිනිස් කාන්තාවක වුවානම්, මේ වන විට 57 වැනි වියේ පසුවන කාන්තාවකට සමාන වන බව ද සඳහන්.

එසේම, අලුත් පැන්ඩා පැටවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින්, බලධාරීන් සඳහන් කර සිටියේ, ස්ථාවර වීමට කාලයක් අවශ්‍ය වන බැවින් පැටවුන් දැඩි සත්කාර ඒකකය යටතට යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත්, යෝධ පැන්ඩා උපත් නිරායාසයෙන්ම දුර්ලභ වන්නේ, යෝධ පැන්ඩාවුන් සංසර්ගයේ යෙදීමට මැලිකමක් දැක්වීම නිසාවෙන් බවයි වැඩිදුරටත් පර්යේෂකයින් සඳහන් කරන්නේ.

South Korean zoo celebrates birth of first twin pandas | CNN


No description available.

Twin pandas born in S. Korea for the first time
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top