මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද..
Thursday, 15 August 2024 - 16:48 | Views - 148
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණා.
අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය කෙරෙන අතර , අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාව සඳහන් කළා.
Share This Article