2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද...
Thursday, 15 August 2024 - 7:36 | Views - 219
2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇති බවයි.
එමෙන්ම ඕනෑම නාමයෝජනාවක් සම්බන්ධයෙන් එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම හැකියාව ලැබෙන අතර, ඒ සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමිවනු ඇති.
ජනාධිපතිවරණයට අදාළව මෙවර අපේක්ෂකයින් 40 දෙනෙකු ඊයේ (14) දහවල් 12 වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවද සඳහන්.
නාම යෝජනා භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ රාජගිරිය අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දින ක්‍රියාත්මකයි.
Share This Article