උපත ලියාපදිංචි වෙද්දී , ජීවිතය හැර ගිය නිවුන්නු.. (Photos)
Wednesday, 14 August 2024 - 12:44 | Views - 296

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දින හතරක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

එම ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනාගේ මව සහ මිත්තණිය ද මියගොස් ඇති බවයි සඳහන්.

මිය ගිය දරුවන්ගේ පියා ඔවුන්ගේ උප්පැන්න සහතික ලියාපදිංචි කිරීම සඳහා පළාත් පාලන කාර්යාලයට ගිය අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්.

එහිදී ඔහුට අසල්වැසි පුද්ගලයෙක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ, ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූ බවත්, ඉන් දරුවන් දෙදෙනා, බිරිඳ සහ මිත්තණිය මිය ගිය බවත්ය..

එම ප්‍රදේශයේ ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් මිය ගිය මාස නවයක් වයසැති දරුවෙක් ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු පමණ මේ වනවිටත් සිටින බව රෝහල් බලධාරීන් පවසන බව වාර්තා වෙනවා..

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, යුද්ධයේදී ළදරුවන් 115ක් පමණ ඝාතනය වූ බවයි..




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top