සජබයේ රාජිතගේ තැන ඩිල්ෂාන්ට..
Wednesday, 14 August 2024 - 10:26 | Views - 443
හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ඔහු අද (14) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා අතින් ලබා ගෙන තිබෙනවා.
Share This Article