ජනපති සටනේ, තැපැල් ඡන්ද විමසීම එළැඹෙන 04, 05 සහ 6 දිනවලදී.. (Video)
Wednesday, 14 August 2024 - 9:10 | Views - 463

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 4, 5 සහ 6 යන තෙදින තුළ සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් මස 4 වනදා සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින වෙන් කර තිබෙනවා.

නියමිත දිනයන්වලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් ඒ සදහා අමතර දින ලෙස සැප්තැම්බර් 11 සහ 12 වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.
 
එසේම අද (14) දහවල් 12.00 ට අපේක්ෂකයින්ගේ ඇප තැම්පත් කිරීමට දී තිබු කාලය ද අවසන් වනවා.

තවද , හෙට (15) දිනයේ නාම යෝජනා භාර ගැනීමට නියමිතව තිබෙනවා. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top