අවසන් දිනයේ ,නාමල් ඇප තියයි.. (Video)
Wednesday, 14 August 2024 - 9:01 | Views - 239
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ වෙනුවෙන්, ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුකළා.
ඇප මුදල් තැන්පත් කිරීම පක්ෂය නියෝජනය මහලේකම් සාගර කාරියවසම් විසින් සිදු කර ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
මේ අනුව , ඇප තැන්පතු භාර ගන්නා අවසන් දිනය අද වීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මේ වන විට අපේක්ෂකයින් 37 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර අවසන්.
එසේම, ඇප තැම්පත් භාර ගැනීම අද දහවල් 12ට අවසන් වීමට නියමිතයි.
Share This Article