ඇප තැම්පත් කිරීම 12ට අවසන් , නාම යෝජනා භාර ගැනීම හෙට.. (Video)
Wednesday, 14 August 2024 - 7:50 | Views - 299
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 38 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව ද සඳහන්.
එසේම, ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 16 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
තවද , එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර එදින පෙරවරු 11 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙනු ඇති.
Share This Article