තණමල්විල සිසුන් 22නෙකු 11 ශ්‍රේණියේ දැරියව වසරක් තිස්සේ අමාරුවේ දාලා..
Tuesday, 13 August 2024 - 10:45 | Views - 163

තවත් මේ වගේ අනුවේදනිය කතා මොන තරම් නම් ඇතිද..? මේ කතාව ඇසෙන්නේ ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ගැනයි..

ඇය වසරක් තිස්සේ, අවස්ථා හතකදී සිසුන් 22ක් එක්ව බලහත්කාරයෙන් මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ බවට දැරිය විසින් තණමල්විල පොලිසියට ප්‍රකාශයක් ලැබී තිබුණා.. එම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා, විනය කමිටුව හා සිසුන්ගේ දෙමාපියන් කිහිප දෙනකුද එක්ව වසන් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන් හා පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන අරඹා ඇති බවත් තණමල්විල පොලිසිය පවසනවා..

11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති බවට තණමල්විල පොලිස් ස්ථානාධිපති වරයාට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ මූලික විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.. අදාළ දැරිය පොලිසියට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැරිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් පොලිසියට ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ..

අපයෝජනයට පත් සිසුවිය එම පාසලේම සිසුවකු හා මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම සිසුවා විසින් මෙම දැරිය රවටා යහළුවකුගේ නිවසකට රැගෙන ගොස් එහි සිටි තවත් සිසුන් කිහිප දෙනකු සමග බලහත්කාරයෙන් දැරියට මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ ගතකර තිබෙනවා..

පසුව එම සැකකාර සිසුන් විසින් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතකදී එම පාසලේම සිසුස් 20 දෙනකු හා ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනකු ඇතුළු සිසුන් 22නකු එක්ව අවස්ථා හතකදී සමූහ ලෙස දූෂණය කර තිබුණා..

එහි ආසන්නතම සිදුවීම පසුගියදා සිදුව තිබුණේ කිරිඳි ගඟ අසලදීයි.. එහිදී සිසුන් 07 දෙනෙකු දැරිය ගඟ අසලට රැගෙන ගොස් සමුහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර ඇති අතර, මෙම සිදුවීම මුලින්ම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවටද අනාවරණය වී තිබෙනවා..

ඒ අනුව, විදුහල්පති වරයා ඇතුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන් ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන නිසා මෙම සිදුවීම යටපත් කර තිබෙනවා..

මෙම සැකකාර සිසුන් පිරිස අතරින් එක් සිසුවකුගේ පියකු ගුරු උපදේශක වරයකු වන අතර මව ගුරුවරියකද වෙනවා... මේ හේතුව නිසාම සිද්ධියට අදාළව නීතිමය පියවර නොගෙන විදුහල්පතිවරයා ඇතුළු විනය මණ්ඩලය විසින් දෙමාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කර ඇත්තේ ඊට කිසිදු නීතිමය පියවරක්ද නොගෙනයි..

සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒවා විමර්ශනයෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ...

දිවයින ඇසුරෙන්...

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top