නාමයෝජනා භාරගැනීම ගැන විශේෂ දැනුම්දීමක්..
Monday, 12 August 2024 - 8:53 | Views - 214
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළා.
ඒ අනුව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 1,500 ක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීමට අපේක්ෂා කෙරෙනු ඇති.
මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවද සඳහන්.
එසේම, කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණෙන රථවාහන වෙනුවෙන් ඒ, බී, සී, වශයෙන් බලපත්‍ර 3 ක් නිකුත් කෙරෙන අතර, එයින් එක් අපේක්ෂකයෙකුට සිය වාහනයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණීමට හැකියාව ලැබෙන අතර,
ඒ සමඟ එම නාමයෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණක් එම කාර්යාලයට ඇතුළු වීමට අවස්ථාව හිමි වෙනු ඇති.
Share This Article