තියුණු තරගයකින් අමෙරිකාව පෙරට.. ?
Monday, 12 August 2024 - 7:53 | Views - 380
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් සටහට අනූව අමෙරිකාව අභිබවා යෑමට චීනය සමත්වී තිබුණු අතර,
ඉතා තියුණු සටනකින් පසුව එය කණපිට හරවා පළමු ස්ථානයට පැමිණීමට අමෙරිකාව සමත වුණා.
එහිදී , රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සමඟින් පදක්කම් 126ක් ලබා ගනිමිනුයි අමෙරිකාව පළමු ස්ථානය දිනා ගනු ලැබුවේ.
එසේම, දෙවැනි ස්ථානය ලෙස රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ලෙස පදක්කම් 91ක් චීනය ලබා දෙන තිබුණා.
තවද, ජපානය පදක්කම් 45ක් ලෙස රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 13ක් දිනා ගනිමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
Share This Article