අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිලෙහි වෙනසක්..
Friday, 09 August 2024 - 10:50 | Views - 350
ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා.
මේ අනුව, රුපියල් 260ක්ව පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 248ක් දක්වා අඩු කර ඇති අතර, සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින් පහත දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 249ක්.
ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 45කින් පහත දමා තිබෙනවා.
මේ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 230ක්.
මීට අමතරව, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 42කින්, ආනයනික ලොකු ළුෑණු, මුං ඇට, රතු කව්පි කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර, රතු පරිප්පු කිලෝවක මිල පහත දමා ඇත්තේ රුපියල් 10කින්.
ඊට අමතරව වියළි මිරිස්, හාල් මැස්සන්, දේශීය සුදු කැකුළු සහල් සහ කඩල යන ද්‍රව්‍යවල ද මිල අඩුකර තිබෙනවා.
Share This Article