ඔලිම්පික් පිටියේ සිදුවූ අපූරු විවාහ යෝජනාව..
Friday, 09 August 2024 - 8:05 | Views - 256
ඔලිම්පික් පිටියේ ඔල්වරසන් මැද සිදුවූ අපූරු විවාහ යෝජනාව..

මතභේදයට තුඩු දී තිබියදීත්, මෙවර 2024 පැරිස් ඔලිම්පික් උළෙල ද අමතක නොවන අවස්ථා කිහිපයක් ඇති කරනු ලැබුවා.

එවැනි එක් හද උණුසුම් කරවන අවස්ථාවක් වූයේ ප්‍රංශ මලල ක්‍රීඩිකා ඇලිස් ෆිනොට් මීටර් 3000 බාධක දිවීමේ අවසන් තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කමයි.

ඇය පළමු ස්ථානයට හෝ පදක්කමකට හිමිකම් කීවේ නැතත්, ෆිනොට් එම ඉසව්වේ යුරෝපීය වාර්තාව බිඳ දමමින් ඉතිහාසගත වූවා.

33 හැවිරිදි ඇය 8:58.67 ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින් යුරෝපීය බාධක ධාවන වාර්තාව බිඳ දැමූ අතර තරඟය අවසන් වූ විගසම ඇය තම පෙම්වතාට යෝජනා කිරීමට අවස්ථාව ලබා ගත් අතර එය සැබවින්ම අමතක නොවන අවස්ථාවක් බවට එය පත්කර ගත්තා.

ඇය හෘදයාංගම යෝජනාවක් සමඟ ඇගේ පෙම්වතා පුදුමයට පත් කළ අතර, රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නගද්දී ඇය මෙම යෝජනාව පෙම්වතා හමුවේ ඉදිරිපත් කළා.

ඇයගේ ආදර යෝජනාව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහටද ලක්ව තිබෙනවා.

එම වීඩියෝව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කළ අතර එම අදහස් කිහිපයක් මෙසේයි.

''අද ඔබට අන්තර්ජාලයේ දැකිය හැකි හොඳම දේ. සුභ පැතුම්, නගරයේ නව යුවළක්.’’

‘‘ඒක මිහිරියි. ඔහු ඇය ගැන ආඩම්බර විය යුතුයි.’’

‘‘කාන්තාවන් සියලු බාධක බිඳ දමයි. ඒක බලන්න ආසයි.''

''ආදරය සහ සාර්ථකත්වයේ ජයග්‍රාහී එකතුවක් වගේ! මොනතරම් අමතක නොවන මොහොතක්ද, සුබ පැතුම්.’’
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top