විශ්‍රාමික ඔබට කණගාටුදායක ආරංචියක්..
Thursday, 08 August 2024 - 15:31 | Views - 564
විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා...
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.. එම චක්‍රලේකයට අනුව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා..
කෙසේවෙතත්, දීමනාව ලබාදීම තාවලාලිකව නවතා දමන ලෙස පවසා තිබුණ ද, එම නියෝගය නොතකා අදාළ දීමනාව ලබාදෙන ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම මැතිවරණ නීතියට පටහැනි බව මැතිවරණ කොමිසම පවසනවා..
Share This Article