ඔබත් මෙවැනි ජාවාරම්වලට අසු වූ අයෙක්ද ? මෙන්න හෙළිදරව්ව...
Thursday, 08 August 2024 - 10:30 | Views - 271
'ඔන්මැක්ස් ඩී.ටී.'' පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කළ මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
සැකකාර අධ්‍යක්ෂවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම ඉඩම් 16න් 12ක්ම ඕපනායක ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අලෙවි කර ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, එකම දිනයකදී රුපියල් මිලියන ගණනක් යොදවා ඉඩම් 12ක් මිලදී ගත් වෛද්‍යවරයා පිළිබඳව ද විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර අධ්‍යක්ෂකවරයාට විවෘත වරෙන්තු නිකුත් කළ අතර, ඔහුට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
Share This Article