විදෙස් රැකියා සඳහා අවස්ථා රැසක්..
Thursday, 08 August 2024 - 7:58 | Views - 538
දකුණු කොරියාවේ රැකියා හිමිවූ ශ්රී ලාංකිකයින් 100 දෙනෙකු ඊයේ (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියා.
මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකුද ඇතුළත් බවයි සඳහන්.
දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබෙමින් පවතින අතර, ඉදිරියේදි තවත් ශ්රමිකයන් රැසක් රැකියා සඳහා පිටත් කර යැවීමට බලාපොරොත්තු වන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article