පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා , නාමල් රාජපක්ෂ.. (Video)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කරන බව පොදුජන පෙරමුණ අද (07) සඳහන් කළා.ඒ අද පෙරවරුවේ පැවති විශේෂ උත්සවයකදී යි. කෙසේ වෙතත්, මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරාගේ අකමැත්ත හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී ඊයේ (06) එම පක්ෂයේ ජ්‍යෙශ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණයට එළඹ තිබෙනවා.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ නම් කළා..
මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින්..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..
නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රායයි..
ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරග කර මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබුණා..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේදී 2020 සිට 2022 දක්වා යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ කටයුතු කළා...