වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්..
Tuesday, 06 August 2024 - 12:50 | Views - 356
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් මිලියනයක් දක්වා වෙන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 10ක් ලෙස අවුරුදු දෙකක කාලයක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ.
එමෙන්ම, වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහාවන පොලී අනුපාතිකය සියයට 8.5ක් දක්වා සැළකිය යුතු මට්ටමකින් අවප්‍රමාණ වී ඇති අතර, ඒ හේතුවෙන් බහුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබෙනවා.
Share This Article