ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට ගිය හැටි සොයන අලුත්ම මෙහෙයුම..
Tuesday, 06 August 2024 - 11:35 | Views - 674
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්ෂි සටහන්කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
මෙම පරීක්ෂණ නුගේගොඩ පොලිස් කොට්ඨාසය මගින් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළදේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට අනාවරණය වූ බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් පොලීස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article