අරුණ දර්ශන සහභාගිවන අවසන් පූර්ව වටය හෙට (Video)
Monday, 05 August 2024 - 12:57 | Views - 576
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.
ඒ අනුව, ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (06) රාත්‍රී 11. 05ට පැවැත්වීමට නියමිතයි.
ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වන්නේ.
මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.05ට පමණ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වට එක්වූ අතර, ඔහු තත්පර 44.99කින් තරගය අවසන් කරමින් තුන්වන ස්ථානයට පත්වුණා.
Share This Article