සරල බහුතරය ආණ්ඩුවට නිසා ගැටලුවක් නෑ - ඇමති ප්‍රසන්න
Monday, 05 August 2024 - 12:46 | Views - 181
ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක,තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවුලපිටිය ආසනයේ ඊයේ (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පොදුජන පක්ෂය නිවැරදි තීන්දුව නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි වනු ඇති බව ද ඔහු සඳහන් කළා.
ඔහුගේ එම ප්‍රකාශය පහතින්..
'' මම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පහුගිය අවුරුදු දෙකහමාරේදීම ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113යි. අපිට ඉතුරු මාස දෙක,තුන තුළ මේ ගමන යන්න පුළුවන්.අපිට සරල බහුතරය තියෙනවා. හරි තීන්දුවක් ගත්තොත් අපි පොහොට්ටුව එක්ක ඉන්නවා.වැරදි තීන්දුවක් ගත්තොත් දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි. ''
Share This Article