තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්...
Monday, 05 August 2024 - 9:23 | Views - 219
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද(05) අවසන් වනවා.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.
කෙසේ වෙතත්, අද දිනයේ තැපෑලට යොමුකරන අයදුම්පත් වලංගු නොවන බවද එම කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 46ක් පමණයි.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය මේ මස 14 වනදා මධ්‍යහ්න 12න් පසු අවසන් වන අතර, මේ වනවිට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 14 ක්.
Share This Article