යළි ආරම්භ වූ විරෝධතා නිසා බංග්ලාදේශයට ඇඳිරි නීතිය..
Monday, 05 August 2024 - 9:11 | Views - 300
බංග්ලාදේශයේ යළි ආරම්භ වූ විරෝධතා හේතුවෙන්, මියගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ ආරම්භ වූ මෙම විරෝධතා හේතුවෙන් රටපුරා දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා ඇති අතර, අද(05) සිට දින තුනක රජයේ නිවාඩු දිනයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විරෝධතා හේතුවෙන් අන්තර්ජාල සබඳතා නවතා දමා ඇති අතර, ජංගම දුරකථන සබඳතාද රජය අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.
අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්විය යුතු යැයි පවසමින් සරසවි සිසුන් සහ දහස් සංඛ්‍යාත ජනතාවක් වීථි බැස තිබුණා. ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර තිබූ අතර, සිය ගණනක් ද තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article