පේරාදෙණි දොස්තර , මන්නාරම රෝහලේ ගැබිනි වාට්ටුවට රිංගලා..
Monday, 05 August 2024 - 9:05 | Views - 250
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මන්නාරම දිසා රෝහලේ ගැබිනි වාට්ටුවට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මව්වරුන් නිසි අවසරයකින් තොරව පරික්ෂා කර බැලීමේ නිරතව සිටියේ යැයි කියමින් , සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වෛද්‍යවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය (03) දා ඉදිරිපත් කෙරුණු අතර, ඉන් අනතුරුව මෙම මස (07) වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ වෛද්‍යවරයා මීට පෙර චාවකච්චේරිය රෝහලේ සේවය කරන වකවානුවේ විනය විරෝධී සිද්ධියක් සම්බන්ධයෙන්, මාරු වීමක් ද ලඳ අයෙකු වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article