ගංගාරාම පොඩි හාමුදුරුවන් වහන්සේ දැයෙන් සමුගනී... (Video) (UPDATE)
Monday, 05 August 2024 - 8:44 | Views - 409
update...

කොළඹ හුණුපිටියා ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍ර‍ධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්‌බොඩ ඥානීස්සර නාහිමියන්ගේ දේහය විහාරස්ථානය ඉදිරිපිට පිහිටි භූමියේ පිහිටි චිතකයේදී අද (05) ආදාහනය කෙරුණා.

නහිමියන්ගේ දේහයට විහාරස්ථානය තුළදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විහාරවාසී භික්ෂූන් වහන්සේලා වන්දනා මාන කිරීමෙන් පසු පස්වරු 3:00ට පමණ අවමගුල් පෙරහැර පිටත් වුණා.

උන්වහන්සේගේ අවමංගල්‍ය අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුවන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා ඇතුළු මැති ඇමතිවරු රැසක් සමග විශාල ජනකායක් එක්ව සිටියා.



--------------------------------------------------------------------------------------------

අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගලබොඩ ඤාණීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.


ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇති නාහිමියන්ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසකගේ සහභාගීත්වයක් සිදුවුණා.

ඒ අතර, මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයන් මෙන්ම සර්ව ආගමිකයන් ද සිටි අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඊයේ සවස ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට සහභාගි වුණා.

ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද සවස 02.00 සිට එම විහාර පරිශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top