20 වසරකට පසු 100m පිරිමි ඉසව්වේ රන් පදක්කම අමෙරිකාවට..
Monday, 05 August 2024 - 7:54 | Views - 492


2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ ජය වාර්තා කිරීමට අමෙරිකාවේ නෝවා ලයිල්ස් සමත් වුණා.

එහිදී, ඔහු වාර්තාකළ කාලය තත්පර 9.784 ක්.

එමෙන්ම, මෙම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ජැමෙයිකාවේ කිෂාන් තොම්සන් සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 9.789ක්.

නෝවා ලයිල්ස්ගේ මෙම ජයග්‍රහණය එම ඉසව්වෙන් වසර 20කට පසු අමෙරිකාවට හිමිවූ පළමු රන් පදක්කමද වෙනවා.

මින් පෙර මෙම ඉසව්වේ රන් පදක්කම ජස්ටින් ගැට්ලින් විසින් 2004 ඔලිම්පික් උළෙලේදී අමෙරිකාව වෙනුවෙන් හිමිකරගනු ලැබුවා.

එමෙන්ම, ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට ඊයේ (04) සමත් වුණා.

තත්පර 44.99ක කාලයක් ගත කොට ක්‍රීඩකයන් 46කින් 17 වැනි ස්ථානයට ඔහු පත්වුණා.

ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11. 05ට පැවැත්වීමට නියමිතයි.

වසර 2000දී සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුගත් තිලකරත්න මූලික වටයේදී තත්පර 45.54කින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු අරුණ දර්ශන මීටර් 400 ඔලිම්පික් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයායි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top