දුම්රිය ආසන වෙන් කිරීම ගැන නිවේදනයක්..
Thursday, 01 August 2024 - 14:12 | Views - 320
දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන්කිරීමේ වේලාව අද (1) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද , තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මාර්ගගත දුම්රිය ආසන වෙන්කිරීමේ දෛනික ආරම්භක වේලාව රාත්‍රී 7.00 ලෙස පැවතුණු අතර, එය අද සිට පෙරවරු 10.00 ට ආරම්භ කිරිමට තීරණය කර තිබුණා.
එසේ වුවද , එම පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එය අදත් රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට තීරණය කළ බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.
Share This Article