සැමියාගේ පහරින් සෙනුරි අවසන් ගමනේ.. සැමියා අත්අඩංගුවට ගන්නැයි විරෝධතා..
Thursday, 01 August 2024 - 9:56 | Views - 231
පඩුවස්නුවර කිරිමැටියාව ප්‍රදේශයේ 18 හැවිරිදි විවාහක කාන්තාවකට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

කිරිමැටියාව උණලීය මාර්ගය හරස් කරමින් පැවැත්වූ මෙම විරෝධතාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වුණා.

පඩුවස්නුවර කිරිමැටියාව කෙලිනාවය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සෙනුරි ඉමාශා මීට මාස කිහිපයකට පෙර මඩුගොල්ල ප්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී තිබෙනවා.

පසුව දෙදෙනාගේ පවුල් දෙක අතර ආරවුල් ද ඇති වී තිබූ අතර අදාළ තරුණයාගේ පියා විසින් සෙනුරිගේ මවට පහර දී ඇත්තේ එම ආරවුල හේතුවෙන්.

එම පහරදීම සම්බන්ධයෙන් ඉමාශාගේ පවුලේ පාර්ශ්වයෙන් කටුපොත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අදාළ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නැයි බලකරමින් ඉමාශාගේ සැමියා විසින්ද ඇයට පහර දී තිබෙනවා.

එම පහරදීම හේතුවෙන් ඉමාශා මියගොස් ඇති බවටයි ඇගේ ඥාතීන් චෝදනා කරන්නේ.

ඒ අනුව මියගිය තරුණියගේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසක් ඇගේ දේහයද කිරිමැටියාව උණලීය මාර්ගයට රැගෙන විත් විරෝධතාවක නිරත වුණා.

පිරිස පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන් ද යොදවා තිබුණා. 


Share This Article
Hiru Tv Blog
නිරෝගිකම උතුම්ම ලාභය කොට සැලකුවද උදෑසන...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ  කදුකර ප්‍රදේශවල  හටගන්නා...
Hiru Tv Blog
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය...
Hiru Tv Blog
මළබද්ධය අප කා අතරත් පවතන සුලබ රෝග තත්වයක්.කුඩා...
Hiru Tv Blog
දන්නවාද මඤ්ඤොක්කා හා ඉඟුරු එකට ආහාරයට...
Hiru Tv Blog
වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක්...
Hiru Tv Blog
යුරේනි කියන්නෙ නව පරපුරේ දක්ෂතම සරාගී තාරකාවක්... ඇයට ගින්දර වගේ ආකාර්ශණීය රූපයක්...
Hiru Tv Blog
ටීනා ශනෙල් කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..ඇය මනාලියක් වන ඒ ලස්සන...
Hiru Tv Blog
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්...
Hiru Tv Blog
Thursday, 20 February 2025
Hiru Tv Blog 6,114 Views
ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම...
Hiru Tv Blog
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top