ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති...
Thursday, 01 August 2024 - 9:45 | Views - 284

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන වෙනුවට සාධාරණ විකල්ප ක්‍රමවේදයක් සඳහා ණය දුන් පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට තම රජයක් යටතේ අපේක්ෂා කරන බව ජන අරගල සන්ධානය පවසනවා.

එම සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (31) එළිදැක්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළා.

ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ විසින්.

'' ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කප්පාදු වැඩසටහනස වෙනුවට සාධාරණ ණය ප්‍රතිව්‍යූහගතකරණයක් සඳහා ණය දුන් පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම, ණය පිළිබඳ විගණනයක් සිදුකර, ණය මුදල් වංචාකළ හා නාස්ති කළ මෙන්ම අවභාවිත කළ අයගෙන් ඒවා අයකර ගැනීමට පියවර ගැනීම එම ප්‍රතිපත්තිවලට ඇතුළත්.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩසටහන අත්හිටුවීමට කටයුතු කරන බවද ජන අරගල සන්ධානය පවසනවා.

පොදු ප්‍රවාහනයට අඩු මිල ඉන්ධන කෝටාවක් ලබාදීම, ගොවීන් ධීවරයින් ඇතුළු සුළු නිෂ්පාදකයින්ට බලශක්ති කෝටාවක් අඩු මිලකට ලබාදීම, සියලු ක්ෂේත්‍රවල අවම වැටුප 16.000 සිට 57.500 දක්වා ඉහළ නැංවීම, ඒකක 30ට අඩුවෙන් විදුලිය භාවිත කරන පවුල් සඳහා නොමිලේ විදුලිය ලබාදීම ඇතුළු කරුණු රැසක්ද එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙනවා.

13න් එහා ගිය බලයක් සහිත ස්වයං පාලන ක්‍රමයක් ඇති කිරීම, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම, නව ජනතාවාදි නීති පද්ධතිවක් ස්ථාපනය කිරීම, ජනතා අධිකරණ ද පිහිටුවීම, මරණීය දණ්ඩනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමද ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත්. '' 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top