බලපත්ර නොමැතිව දුරකථන වික්කොත්, දඩය මිලියනයක්..
Monday, 29 July 2024 - 10:18 | Views - 175
නිසි බලපත්ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට එරෙහිව පනවා තිබූ දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා මෙතෙක් පැවති රුපියල් දස දහසක දඩ මුදල මෙසේ ඉහළ දැමූ බවයි..
කෙසේ වෙතත්, සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා දඩ මුදල් ඉහළ නැංවීම කටයුතු කර තිබෙන අතර,
ඒ අනුව, මින් ඉදිරියට බලපත්ර ලබා නොගන්නා වෙළෙඳසැල්වලට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කරන බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළා.
Share This Article